මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

නැග‍ෙනහිර පලාතේ චෙන්චලඩි කොස්ගොල්ල ඛෙත්තාරාම විහාරස්ථානය


නැග‍ෙනහිර පලාතේ කොස්ගොල්ල ග්‍රාමයේ ඛෙත්තාරාම විහාරස්ථානය.
වසර 30 ක කුරිරු යුද්ධය නිසාවෙන් ග්‍රාමයේ ගොවි පවුල් දෙකකට සිමා වු මෙම ග්‍රාමය 2015 වර්ෂයේ ඒම ජනතාවට නිවාස 20 ක් ඉදිකරදෙමින් නැවත පවුල් 20 ක් පදිංචි කරවන්නට විය. අද වන විට ස්ථිර ජිවොනෝපායක් නොමැතිකමින් අසරණ උනු මෙම ග්‍රාමයේ ජනතාව, ගොවි පවුල් 07 කට සිමා වෙමින් පවති. මඩකලපුව දිස්ත්‍රික්කෙය් මයිම් ගමාමානයක් වන මෙම ග්‍රාමයේ මෙම විහාරස්ථානය දැනට ඉතිරිව ඇත්තේ බෝධීප්‍රාකාරය හා පැරණි අවාස ගොඩනැගිල්ලේ අත්තිවාරම පමණි.
මෙම විහාරස්ථානයේ වත් පිලිවෙත් කටයුතු සිදුකරමින් විහාරස්ථානයට සංවර්ධනය කර මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කරමින් මෙම ග්‍රාමය නැවත ග්‍රාමයක් ලෙස නාගාසිටුවිම සදහා දැනටමත් සියලු කටයුතු සිදුකරමින් පවති.







විඩියොව නාරඹන්න.





නැගෙනහිර පලාතේ ගොවි ජනතාව නාගාසිටුවමින් විනාශයට යමින් ඇති විහාරස්ථාන සංවර්ධනය කර මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරිම සදහා පිංවත් ඔබ සැමගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.
තෙරුවන් සරණයි..!
එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
විමසිම් 077 1791 883 / 065 2222 104
ගිණුම් තොරතුරු
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
ගිණුම් අංක 075 2001 2004 5156
මහජන බැංකුව මඩකලපුව ශාඛාව.

2019 06 28 අභය දානමය පිංකම.

අභය දානමය පිංකම.
“අභයදානං දත්වාන
ජත්තුනො භයතජ්ජිතෝ
දයානිසංසේ අනුහොමි
කම්මානුචිජකෙ “


මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,
01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම
02. නිරෝගී සම්පත්තිය ලැබීම
03. දීර්ඝායු සම්පත්තිය ලැබීම
04. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම
05. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම
06. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම
07. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම
08. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම
09. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම
10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීමය

එවන් මහැගි කුසලයන් සිදුකළ ඉතාලියේ පදිංචි අකලංක රණවක මහතා හා තාමාරා දීපානි මහත්මිය සහ පිලොපි මරියා මහත්මිය පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
විඩියොව නාරඹන්න.

2019 06 29 නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ දු දරුවන් හට අධ්‍යපන උපකරණ බෙදාදිම


නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ දු දරුවන් හට අධ්‍යපන උපකරණ බෙදාදිම දංකොටුව ප්‍රදේශයේ පදිංචි සිසිල් ප්‍රනාන්දු මහතා හා සුජිවා මහත්මිය ඇතුලු පිරිස විසින් සිදු කරනු ලැබිණි.






විඩියොව නාරඹන්න.



මෙම පිංකම සිදු කළ දංකොටුව ප්‍රදේශයේ පදිංචි සිසිල් ප්‍රනාන්දු මහතා හා සුජිවා මහත්මිය දු දරුවන් ඇතුලු පිරිස ‍‍ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි ..!

නැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ ජිවනෝපාය නගාසිටුවිමේ අරමුනින් අරම්භකළ ඇගලුම් කර්මන්තය...

2019 07 01 වන දින සුබ මොහොතින් කැගෙනහිර පලාතේ ගොවිජනතාවගේ ජිවනෝපාය නගාසිටුවිමේ අරමුනින් ඇගලුම් කර්මන්තයක් අරම්භ කෙරිනි.






විඩියොව නාරඹන්න.




මෙම ඇගලුම් කර්මන්තය සදහා දායකවු ඉසුරු ගුණදාස මහතා ප්‍රමුඛ දාස සමුහ ව්‍යපාරයේ සියලුම දෙනා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
තෙරුවන් සරණයි..!

නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉද...


නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හට නිවාස ඉදිකර දිම අරම්භවිය. මෙම අදියර යටතේ තොරාගත් ගොවිපවුල් දෙකක් සදහා නිවාස ඉදිකිරිම් කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවති.


මෙම නිවාස ඉදිකිරිම සදහා පලමු අදියර යටතේ නිවාස දෙකක් ඉදිකිරිම සදහා දායවු කුවේට් හි සේවයේ නියුතු තුෂාන් මැතිතුමන් ඇතුලු පවුලේ සැම හා දෙවන අදියර යටතේ එක් නිවසක් ඉදිකිරිම සදහා දායක වු එක්සත් එම්ර් රජ්යේ රන්දීප බොදියබදු මැතිතුමන් ඇතුලු පවුලේ සැම ඉතා ගෞරවණිය ස්තුති පුර්වක පුණයානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.


පලමු අදියර යටතේ ඉදිකරණ රුවන් ගොවි මහතාගේ නිවස


පලමු අදියර යටතේ ඉදිකරණ ඔමේඝා ගොවි මහත්මියගේ නිවස



දෙවන අදියර යටතේ ඉදිකරණ මෙනකා ගොවි මහත්මියගේ නිවස


විඩියොව නාරඹන්න..


විඩියොව නාරඹන්න..


















විඩියොව නාරඹන්න.









විඩියොව නාරඹන්න.


විඩියොව නාරඹන්න.




මෙම පිංකම සදහා දායකවු සියළුම පින්වතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසලානිසංසයන් හේතු වාසනා වේවා..

තෙරුවන් සරණයි..!

2019 06 08/15 උපසම්පදා පුණ්‍ය මහෝත්සවය



 සුසිරිශුද්ධෝපසම්පදා පුණ්‍ය මහෝත්සවය පිංකම. 















විඩියොව නාරඹන්න..





2019 06 15 වන දින රම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති උපසම්පදා පුණ්‍යනොත්සවය.

විඩියොව නාරඹන්න..




‍මෙම පිංකම සදහා ප්‍රධාන දායකත්වය දැක්වු ඉරාජ් මැතිතුමන් ඇතුලු මුල්‍යමය හා ශ්‍රමයෙන් දායකවු සියලුම පිංවතුන් ඉතා ගෞරවනිය ස්තුති පුර්වක පුණණානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

‍තෙරුවන් සරණයි..!




2019 06 09 කෙවිලියාමඩුව හරිත ගොවිපලට තවත් ට්‍රැක්ටර් රථයක් පුජා කිරම සිදු කෙරිනි.

කෙවිලියාමඩුව හරිත ගොවිපලට තවත් ට්‍රැක්ටර් රථයක් පුජා කිරම සිදු කෙරිනි..










විඩියොව නාරඹන්න





ඇමරිකාවේ පිදංචි තුෂාර ගාමිණි රණතුංග මහත්මා හා එම මහත්මිය, දෙමා පියන් සහ දරුවන් හා ලකිප්‍රිය මහත්මා ඇතුලු පිංවතුන් සියලුම දෙනා ගෞරවණිය පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමි.


තෙරුවන් සරණයි..!


කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථාන‍‍යේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවති.



කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්තාන‍‍යේ අට විසි බෝධි ප්‍රකාරයේ ඉදිකිරිම් කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවති මෙම විහාරස්ථායේ සංවර්ධන කටයුතු සදහා පිංවත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.











විඩියොව නාරඹන්න.







විඩිෙයාව නාරඹන්න.








විඩියොව නාරඹන්න




මෙම බෝධි ප්‍රාකාරය ඉදිකිරිම සදහා දායකවු නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටිආරච්චි මැතිතුමිය ඇතුලු නවගමුව සණස සමිතියේ සාමාජික පිරිස හා බියගම ඔෂන් ලංකා ආයතනයේ සිල්වා මහතා ප්‍රමුඛ එම ආයතනයේ සියලුම දෙනා ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.

තෙරුවන් සරණයි..!



එක් වි සම්බුදු සසුන සුරක්ෂිත කරමු.
077 1791 883

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--