මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය විහාරස්ථානය සම්බුදු සසුනට පුජා කළ වගයි 2019 03 17



කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය  විහාරස්ථානය2019 03 17 වන දින සම්බුදු සසුනට පුජා කළ වගයි ..

නැගෙනහිර පලාතේ විනාශයට යමින් තිබු විහාරස්ථානයක් වන කෙවිලියාමඩුව ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය සංවර්ධනය කිරිම සදහා දායකවු සියලුම පිංවතුවන් ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි.





















විඩියෝව නරඹන්න..




මෙ මෙම විහාරස්ථානය සංවර්ධනය කිරිම සදහා දායකවු 

නැගෙනහිර පලාත් ඉඩම් කොමසාරිස්තුමා ඩි.ඩි. අනුර ධර්මදාස මැතිතුමන්,

නැගෙනහිර පලාත් අඥාපතිතුමා කේ.පී.ඒ. ජයසේකර මැතිතුමන්,
යුද හමුදා 231 බලසේනාධිපතිතුමා ජී.එම්.එන්. පෙරේරා මැතිතුමන්,
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උසයකුමාර් මැතිතුමන්,
අණදෙන නිලධාරි සි.අ.බා. මහඔය එච් කේ එස්. ප්‍රියන්ත මැතිතුමන්,
අණදෙන නිලධාරි සි.අ.බා උහන ටි.එම්.ජි.ඩී. තෙන්නකොන් මැතිතුමන්,
එක්සත් රාජධානියේ පදිංචිආනන්ද වික්‍රමරත්න බණ්ඩාරනායක මැතිතුමන් එම මැතිනිය හේමමාලි බණ්ඩාරනායක මැතිතුමිය,
හෝමාගම පදිංචි හැරල් ප්‍රේමසිරි මැතිතුමන්,
ඇතුල් කෝට්ටේ පදිංචි මලින්ද විශ්වජිත් බණ්ඩාර මැතිතුමන්,
මාකොළ පදිංචි වින්සන් දිනපුර්න මැතිතුමන්,
චමින්ද සමන් රත්නායක මැතිතුමන්,
බක්කි ඇල්ල ප්‍රදේශයේ පදිංචි ඒ. ලහිරු සදරුවන් මහත්මා,
මහනුවර පදිංචි අනුර මහතා ප්‍රමුඛ එම් .ඒ. එස් , ලීනියා ක්ලෝදින් ආයතනයේ සියලු පිරිස,
සිංහ සාමාජයේ 206 2ඒ මහරගම පදිංචි ගැමුණු මැතිතුමන් ඇතුලු පිරිස,
අතුරුගිරියේ පදිංචි සමන් මැතිතුමන්,
කෙවිලියාමඩුව පදිංචි ව්‍යාපාරික සරත් මහතා,
අම්පාර වෙද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෙද්‍ය නෙරංජන් මැතිතුමන් ඇතුලු වෙද්‍ය වරු පිරිස,
අන්ත්‍රර්ජාලය හාරහා දැනුවත් වි දායකවු මාගේ දෙස් විදෙස් දායක පිංවතුන් හා ශ්‍රම දායකත්වය ලබාදුන් යුධ හමුදාව,
සිවිල් ආරාක්ෂක බාලකාය, කෙවිලියාමඩුව ග්‍රාමයේ ජනතාව හා මෙහි නමින් සදහන් නොවු සියලුම දායක පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමටත් රැකි රක්ෂා ආදිය හා දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ධකවි නිදුක් නිරෝගි සුවය සතුට සැනසිම ලගාකර ගැනිමට මේ මා හැගි කුසලයන් හේතු වාසනා වේවා..

තෙරුවන් සරණයි...!

බැතිබර ඇරයුමයි...



බැතිබර ඇරයුමයි...
මඩකලපුව කෙවිලියාමඩුව “පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේ“ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පාදාභිවන්දනය උදෙසා නිරාවරණය කිරීම, ධම්මකාමී සුපින්වතුන් හට ධර්ම රසය විදිනු පිණිස ඉදිකරන ලද ධර්ම ශාලා මන්දිරයයේ දොරටු විවර කිරීම සහ ගොවි රජදරුවන්ගේ කෙත්වතු සරු සාර කිරීම සදහා ඉදි කළ වැවේහි නිල් දියවර මුදාහැරීමේ මංගල්‍යය...
2019 මැදින් මස 17 වන රිවි දිනට යොදාගෙන ඇති බව ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි...
එදින වැඩසටහන් විස්තරය
ප.ව. 02:30 ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම
ප.ව. 03:00 ට වැවෙහි මංගල දියවර මුදාහැරිම
ප.ව. 03:30 ට ධර්ම ශාලා මන්දිරය විවෘත කිරීම
ප.ව. 03:45 ට උත්සව සභාව ආරාම්භය
ප.ව. 06:30 ට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේට මංගල ගිලන්පස පුජාව
පැවැත්විම
ප. ව. 07;00 ට අභිනව ධර්ම ශාලා මංදිරයේ පැවැත්වෙන (ධර්ම දෙශනය

රත්‍රී 09 :30 ට සර්ව රත්‍රීක පරීත්‍රාණ ධර්ම දේශනය හා පසුදා උදැසන සියක් නමක් උදෙසා පවත්වනු ලබන සංඝගත දක්ෂිණාව.





විඩියොව නාරඹන්න



මෙම උත්තරිතර පිංකම සදහා සහාභාගී වන මෙන් ඔබ වහන්සේට/ඔබතුමන්ට/ඔබ තුමියට ශාසනාලයෙන් යුතුව ආරාධනා කරමි..
තෙරුවන් සරණයි ..!
විමසිම් 077 1791 883 / 065 2222 104

2019 03 08 කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදාදිම


මිය පරලොව යන්නට යෙදුන සැමියා බි.ඩි. ගාමිණි ලාල් මහතාට හා පුතා සරත් බටවල මහතාට හා දෙමාපියන්ට පිං අනුමොදන් කරමින් නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය විසින් කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදා දිම 2019 03 08 වන දින සිදුකෙරිණි



විඩියොව නාරඹන්න






එම පිංකම සිදු කිරිමට මගපෙන්වු කපිල රුවන් කුමාර මහතා හා ආශාන් ලලින්ද මහතා සහ එම පිංකම සිදු කළ නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය ඇතුලු පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--