මෙම පිංකම් සදහා දායකවු පිංවතුන් ඉතා ගෟෙරවයේන් සිහිපත් කරමි.

බැතිබර ඇරයුමයි...



බැතිබර ඇරයුමයි...
මඩකලපුව කෙවිලියාමඩුව “පන්සල්ගල ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේ“ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පාදාභිවන්දනය උදෙසා නිරාවරණය කිරීම, ධම්මකාමී සුපින්වතුන් හට ධර්ම රසය විදිනු පිණිස ඉදිකරන ලද ධර්ම ශාලා මන්දිරයයේ දොරටු විවර කිරීම සහ ගොවි රජදරුවන්ගේ කෙත්වතු සරු සාර කිරීම සදහා ඉදි කළ වැවේහි නිල් දියවර මුදාහැරීමේ මංගල්‍යය...
2019 මැදින් මස 17 වන රිවි දිනට යොදාගෙන ඇති බව ශාසනාලයෙන් යුතුව දැනුම් දෙමි...
එදින වැඩසටහන් විස්තරය
ප.ව. 02:30 ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම
ප.ව. 03:00 ට වැවෙහි මංගල දියවර මුදාහැරිම
ප.ව. 03:30 ට ධර්ම ශාලා මන්දිරය විවෘත කිරීම
ප.ව. 03:45 ට උත්සව සභාව ආරාම්භය
ප.ව. 06:30 ට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේට මංගල ගිලන්පස පුජාව
පැවැත්විම
ප. ව. 07;00 ට අභිනව ධර්ම ශාලා මංදිරයේ පැවැත්වෙන (ධර්ම දෙශනය
න
රත්‍රී 09 :30 ට සර්ව රත්‍රීක පරීත්‍රාණ ධර්ම දේශනය හා පසුදා උදැසන සියක් නමක් උදෙසා පවත්වනු ලබන සංඝගත දක්ෂිණාව.





විඩියොව නාරඹන්න



මෙම උත්තරිතර පිංකම සදහා සහාභාගී වන මෙන් ඔබ වහන්සේට/ඔබතුමන්ට/ඔබ තුමියට ශාසනාලයෙන් යුතුව ආරාධනා කරමි..
තෙරුවන් සරණයි ..!
විමසිම් 077 1791 883 / 065 2222 104

2019 03 08 කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි අහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදාදිම


මිය පරලොව යන්නට යෙදුන සැමියා බි.ඩි. ගාමිණි ලාල් මහතාට හා පුතා සරත් බටවල මහතාට හා දෙමාපියන්ට පිං අනුමොදන් කරමින් නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය විසින් කෙවිලියාමඩුව ගොවිජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය හා රෙදි පිලි බෙදා දිම 2019 03 08 වන දින සිදුකෙරිණි



විඩියොව නාරඹන්න






එම පිංකම සිදු කිරිමට මගපෙන්වු කපිල රුවන් කුමාර මහතා හා ආශාන් ලලින්ද මහතා සහ එම පිංකම සිදු කළ නවගමුවේ පදිංචි පුෂ්පා හෙට්ටි ආරාච්චි මහත්මිය ඇතුලු පිරිස ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.
‍තෙරුවන් සරණයි..!

2019 02 24 විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලිතහඩු බෙදාදිම.

මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිමේ පිංකම.




මඩකලපුව ශ්‍රි මංගලාරාම විහාරස්ථානයට විදුලි ජනක යන්ත්‍රයක් පුජා කිරිම හා කෙවිලියාමඩුව ගොවි ජනතාවට සේවිලි තහඩු බෙදාදිම  සිදු කළ එරන්ද ලක්මාල් මහතා ප්‍රමුඛ බෞද්ධ සන්නිවෙදනය සදහා වු ජාත්‍යන්තර පදනමේ සියලුම සාමාජික පිරිස ගෞරවනිය ස්තුති පුර්වක පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සිහිපත් කරමි..












විඩියොව නරඹන්න


2019 02 09 කෙවිලියාමඩුව ගොවිපවුලු වල දු දරුවන් සදහා පවහන් බෙදාදිම.


මාතර රාහුල විද්‍යාලයේ සෙනෙහසක අරුනැල්ල ව්‍යාපෘතිය යටතේ ඩි එස් අයි ආයතනය මගින් ලබදුන් පවහන් කෙවිලියාමඩුව ගොවි පවුල් වල දු දරුවන් හට බෙදාදීමේ පිංකම.





‍මෙම පිංකම සිදුකළ මාතර රාහුල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ප්‍රමුක විද්‍යාලිය ගුරුමණ්ඩලය, කර්යමණ්ඩලය,සිසු දරුවන් සහ ඩි එස් අයි ආයතනයේ කලමනාකාරතුමන්ලා හා කාර්යමණ්ඩලය ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.

විඩියොව නාරඹන්න..








ගෞතම බුද්ධ ශාසනයේත්, රටේත් ‍වැදගත්කම හදුනාගෙන පින්සිතින් කරණු ලබන යහපත්, ක්‍රියාවන් හේතුවෙන් ඔබතුමන් ඇතුලු ගුරු මණ්ඩලයේ, කර්යමණ්ඩලයේ, විද්‍යාලිය සිසු දරුවන් හා ඩි. එස්. අයි. ආයතනයේ සියලුම දෙනා හට  නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරණ අතර ජීවිතයේ අපේක්ෂාකරණ සෞභාග්‍යය, සතුට හා සැනසීම තුණුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ලැබේවායි ශාසනාලයෙන් යුතුව ප්‍රාර්ථනා කරමින් ඉදිරියෙදිත් මෙවන් පිංකම් සිදුකරමින් නැගෙනහිර පලාත තුල සිංහල ජනතාව හා සම්බුදු සසුන සුරක්ෂිත කිරිම උදේසා  කටයුතු කරමින් මේ සම්බුදු ශාසනය තුලදිම අමා මහ නිවන් අවබෝධය පිණිස කුසල් බෝහො රැස්කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රර්ථණා කරමි.


තෙරුවන් සරණයි..!

2019 02 02 වන දින ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිදු කළ පිංකම..





මෙම පිංකම සිදුකළ කලවාන පනාපොල ශ්‍රී විජය බෝධිරාජාරාම විහාරාධිපති ගගලගමුවේ ඤානරතන හිමිපාණන් ප්‍රමුඛ කලවාන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සංගමයේ සියලුම විහාරධිපති ස්වාමින් වහන්සේලා ගෞරවණිය ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් යුතුව සිහිපත් කරමි.




විඩියෝව නාරඹන්න






මෙම පිංකම සිදුකළ කලවාන පනාපොල ශ්‍රී විජය බෝධිරාජාරාම විහාරාධිපති ගගලගමුවේ ඤානරතන හිමිපාණන් ප්‍රමුඛ කලවාන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ සංගමයේ සියලුම විහාරධිපති ස්වාමින් වහන්සේලා හට නිදුක් නිරොගි චිරජිවනය ප්‍රර්ථණා කරන අතර ඉදිරියෙදිත් මෙවන් ජාතික ශාසනික සේවාවන් සිදු කරමින් සමුබුදු සසුන සුරක්ෂිත කිරීමට ශක්තිය  ධෛර්යය ලැබේවායි ප්‍රර්ථණා කරමි..

තෙරුවන් සරණයි..!

කෙවිලියාමඩුව හරිත ගොවිපල සියලුම වාගාවන් සේනා දළඹු උවදුරින් විනාශයට පත්වෙයි

කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ හරිත ගොවිපලේ සියලු වගාවන් සේනා දළඹු උවදුරින් විනාශයට පත් වෙයි.





සිරස ගම්මැද්ද වැඩසටහනට සමගාමිව සිරස ආයතනය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව සෙනා දළඹු උවදුර පාලනය කිරිම සදහා එම් උවදුරින් ගොවිතැන් විනාශ වු කෙවිලියාමඩුව ගොවිජනතාවගෙන් 2019 01 16 වන දින තොරතුරු ලබාගැනිම සිදු කෙරිනි.

විඩියොව නරඹන්න..


විඩියොව නරඹන්න..





විඩියොව නරඹන්න..




මෙම ජනතාව නැවත නාගාසිටුවිම ජාතියක් හැටියට සැමගේ යුතුකම් වන්නේය. මෙය රජයේ නිලධාරින්ගේ අවදානය පිණිස යොමු කර කඩිනම් විසදුමක් ලබාදිය යුතුමය. 

තෙරුවන් සරණයි..!

කෙවිලියාමඩුව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කරමින් පවති.

දශක කුනකට අධික යුධමය සමය අවසානයත් සමග නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, 


කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේවන විට පවත්වාගෙන යන නමුත් භික්ෂූන් වහන්සේ නමකට වැඩහිදීමට අවශ‍ය අවම පහසුකම් වත් නොමැති බැවින් මා මේවනවිට අවාස කුටියක් සහ වැසිකිලි පද්ධතියක් සෑදීම සදහා මුල්ගල් තබා වැඩ ආරම්භ විය.




මඩකලපුව කෙවිලියාමඩුව පන්සල්ගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ තැම්පත් කිරිම පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමිපානන් වහන්සේගේ හා සින්නවත්ත පන්ථාරාම විහාරාධිපති ස්වාමින් වහන්සගේ හා ශ්‍රී සුමනරතන මුලික පිරිවෙන් පරිවෙනාධිපති ස්වාමින් වහන්සේ ඇතුලු එම පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනය මධ්‍යයේ සිදුකෙරෙනි .

‍මෙම මාහැගි පිංකම සිදුකල වින්සන් දිනපුර්ණ මැතුමන් හා කුසුමා රණසිංහ මැතිනිය සහ කේ ඩි චාමනි මැතිනිය ඇතුලු සියලුම දායක පිංවතුන් හට නිදුක් නිරෝගි චිරජිවනය ලැබිමට මේ මාහැගි කුසල බාලමහිමයන් හේතු වාසනා වේවා...








‍
විඩියොව නාරඹන්න














විඩියොව නරඹන්න





















විඩිෙයා්ව නාරඹන්න...












විඩිෙයා්ව නාරඹන්න...






විඩිෙයා්ව නාරඹන්න...









 













සම්බුද්ධ ශාසන නැගෙනහිර පලාත තුල සුරක්ෂිත කිරිමට පිංවත් ඔබත් දායකවන්න මෙවැනි ජාතික, ශාසනික කර්ථව්‍යයන්හි ශක්තිය. ඔබවැනි පිංවතුන්ගේ ආධාර උපකාරයන්මයි හිත මිතුරන් දැනුවත් කර හැකි අයුරින් දායකවන්න..


තෙරුවන් සරණයි..!

විමසීම්.0771791883 / 0652222104


ගිණුම් අංක 075 2001 2004 5156
පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි


මහජන බැංකුව මඩකලපුව.


























2019 01 13 වන දින බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු අාරම්භ කරනු ලැබ...





කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම් කටයුතු 2019 01 13 වන දින සුභ මොහොතින් මුල් ගල් තබා අාරම්භ කරනු ලැබිනි..


අන්‍ය ජාතින් කිසි ලෙසකින් මෙම ස්ථානයේ විහාරස්තානයක් ඉදිකිරිමට නොදි විවිධ ගැටලු ඇතිකරමින් නඩු කිහිපයකට ද මුහුන දෙමින් මා විසින් ලබාගත් ජයග්‍රහනය සනිටුහන් කරමින්, කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානය බෞද්ධ උරුමයක් ලෙස තවදුරටත් තහවුරු කර විහාරස්ථානය අවට ජනාවාස පිහිටවා ජනතාවට වැදුම් පිදුම් කළහැකි ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කොට විහාරස්ථානයක් ලෙස,මේ වන විට පවත්වාගෙන යන කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර සම්බුදු සසුනට පුජා කරමු ...



















කෙවිලියාමඩුව පන්සල්ගල විහාරස්ථානයට පිවිසුම් දොරටුව අභියස ඉදිකරණ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරිම සදහා රු ලක්ෂ 5.5 ක මුදලක් වැයවන අතර පද්මාසනය ඉදිකිරිම සදහා රු ලක්ෂ 2.5 ක මුදලක් වැයවේ.. 2019 03 18 වන දින ඉදිකර නිමකිරිමට කටයුතු සිදුකරමින් පවතින අතර මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකරගැනිම සදහා පින්වත් ඔබගේ දායකත්වය ශාසනාලයෙන් යුතුව අපේක්ෂා කරමි.

තෙරුවන් සරණයි ..!

විමසිම් 077 1791 883 / 065 22222 104
ගිණුම් අංකය: 075 2001 2004 5156
පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි
මහජන බැංකුව, මඩකලපුව ශාඛාව.


තෙරුවන් සරණයි...!

-

-

-

-
 
Support : Creating Website | R M krishantha kumara bandara Template | තබුත්තේගම
--- © 2016. පුජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමි - ශ්‍ර මංගලාරාමය විහාරය
මෙක සිංහල රට ----- පලකිරිම් ------
--